වැඩි වැටුප් ඉල්ලා පර්ත් හෙදියන් යළි සටනට

නැවත වරක් වැඩි වැටුප් ඉල්ලා සටනකට අවතීර්ණවීමට බටහිර ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත රජය විසින් දැනට ලබාදී ඇති සියයට 03 ක වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බැවින් එය සියයට 05 දක්වා ඉහළ දැමිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම ගැටලුව නොවිසඳුණහොත් ඉදිරියේදී නැවතත් වැඩ වර්ජනවලට අවතීර්ණවීමට සිදුවන බවටද ඔවුන් දන්වා සිටිනවා.

කෙසේවෙතත් මීට ඉහතදීත් බටහිර ඔස්ට්‍රේලියාවේ හෙද වෘත්තීය සමිති සිදුකල මෙවැනි වැඩ වර්ජනයක් නීති විරෝධි බවට කාර්මික සබඳතා කොමිසම විසින් ඩොලර් 350,000 ක දඩයක්ද නියම කරනු ලැබුවා.

https://www.9news.com.au/national/wa-nurses-union-keeps-fighting-for-wage-increase-despite-350k-fine-for-strikes/adb1d020-eac2-4c4f-86b1-1441eabc4301

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »