ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍යයට වැය කරන මුදල අඩුවෙයි

ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය සඳහා වැය කරන මුදල අඩු වී තිබෙනවා.

2021 වසරට සාපේක්ෂව 2022 දී එය සියයට 1.4 කින් පමණ පහළ ගොස් ඇති බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් කාණ්ඩ 09 ක් සැළකීමේදී සමස්තයක් ලෙස සෞඛ්‍ය හැර අනෙකුත් සෑම අංශයකින්ම වියදම් කිරීම පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

විනෝදාස්වාදය – සිල්ලර මිළදී ගැනීම් – ප්‍රවාහනය සහ ආගන්තුතක සත්කාරය වැනි අංශ ඒ අතර වනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදි වැඩිම වියදම් කිරීම් ප්‍රතිශතය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් සටහන් කර ඇත්තේ සියයට 11.4 ක් ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »