Search

ඔස්ට්‍රේලියාව තුළ හින්දු දේවස්ථානවලට හානි කරන පුද්ගලයන්ට දැඩි පියවර

ඔස්ට්‍රේලියාව තුළ පිහිටුවා ඇති හින්දු දේවස්ථානවලට හානි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට සහතික වී තිබෙනවා.

රාජ්‍ය නායකයන් දෙපළ අතර අද සිඩ්නි නුවර පැවති ද්විපාර්ශවික හමුවේදීයි මේ සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වී ඇත්තේ.

පසුගිය සති කිහිපය තුළ මෙල්බන් – බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවල පිහිටා ඇති හින්දු දේවස්ථාන කිහිපයකට සික් ආගමික හිතවාදීන් විසින් පහරදී හානි සිදුකර තිබුණා.

එවැනි ක්‍රියා ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය කිසිදු ආකාරයකින් අනුමත නොකරන බවද වගකිවයුත්තන්ට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත් අගමැති ඇල්බනීස් අවධාරණය කලා.

මේ අතර ඉන්දු – ඔස්ට්‍රේලියා රාජ්‍ය නායකයන් අතර අද පැවති සාකච්ඡාවලින් අනතුරුව අධ්‍යාපන සහ වෙළඳ සබඳතා ශක්තිමත් කෙරෙන ගිවිසුම් 02 කටද අත්සන් තැබුණා.

අගමැති මෝදි තම ඔස්ට්‍රේලියානු සංචාරය අවසන් කර අද රාත්‍රියේ යළි ඉන්දියාව බලා පිටත්ව යාමටද නියමිතයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »