
ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කිරීමට ෆෙඩරල් රජය ගනු ලැබූ තීරණය සාර්ථක නොවනු ඇති බවට ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය අනාවැකි පළකරනවා.
මෙමගින් වෙළඳපොළේ නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල ඉහළයාමක් අපේක්ෂා කල හැකි බවයි දේශසීමා ආරක්ෂණ බලකාය පෙන්වා දෙන්නේ.
එමෙන්ම අදාළ වැටලීම් සඳහා මෙවර ෆෙඩරල් අයවැයෙන් කිසිදු අමතර මුදලක් වෙන් කර නොමැති බවත් එහි කොමසාරිස් මයිකල් අවුට්‍රම් චෝදනා කරනවා.

වෛද්‍ය අනුමැතිය යටතේ පමණක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට අනුමැතිය දෙන වැඩපිළිවෙලක් සකස් කරන බවයි සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් පසුගියදා සඳහන් කලේ.
එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලොව පළමු රට බවටද ඔස්ට්‍රේලියාව මේ අනුව පත්වීමට නියමිතයි.
