ක්වීන්ස්ලන්ඩ් ඉදි කිරීම් රෙගුලාසි ඉවත දමන්නැයි ඉල්ලීමක්

ඉදි කිරීම් ක්ෂේත්‍රයට අදාළ නව රෙගුලාසි පැණවීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉදි කිරීම් සේවකයන් විසින් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සේවක හිගය හමුවේ දැනට සිදුකරගෙන යන ඉදි කිරීම් අවසන් කිරීම පවා දැඩි ලෙස ප්‍රමාද විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළයාම හමුවේ සාමාන්‍ය නිවසක් ඉදි කිරීමට පවා ගතවන කාලය දෙගුණයකින් පමණ වැඩිවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදීමට යෝජිත නව රෙගුලාසි හමුවේ නිවසක් ඉදි කිරීමට වැයවන කාලය තවත් වැඩිවිය හැකි බව ඉදිකිරීම් කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පවසන්නේ වාසය කරන්නන්ට පහසුවන ආකාරයෙන් සහ බලශක්තිය ඉතිරි වන ආකාරයට නව රෙගුලාසි හඳුන්වාදෙන බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »