විදේශීය ශ්‍රමිකයන් සූරාකන ඔස්ට්‍රේලියා හාම් පුතුන් සොයා නවතම මෙහෙයුමක්

ඔස්ට්‍රේලියාවේ hospitality ක්ෂේත්‍රය තුළ විදේශීය ශ්‍රමිකයන් ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නවතම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍රවල විදේශීය ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පැවතීම මීට හේතුවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව විදේශීය ශ්‍රමිකයන් සේවයේ යොදවන ව්‍යාපාර පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, අදාළ ව්‍යාපාර සහ ශ්‍රමිකයින් වීසා කොන්දේසි, වීසා අනුග්‍රාහකත්වයේ වගකීම් සහ නියමිත වැටුප්වලට අනුකුලතාව දක්වන්නේද යන්න පරීක්ෂා කෙරෙනු ඇති.

මෙම මාසය තුළදී නිවු සවුත් වේල්ස් සහ කැන්බරා අගනුවර පරීක්ෂා කිරීම් 45 ක් පමණ සිදු කිරීමට ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය කටයුතු කර තිබෙනවා.

විදෙස් ශ්‍රමිකයෙකුට වීසා අනුග්‍රාහකත්වයක් ලබා දුන් විට අදාළ ශ්‍රමිකයා එම සේවා යෝජකයාට පමණක් සේවය කළ යුතුයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන තෙක් ඔහුට හෝ ඇයට වෙනත් කිසිදු සේවා යෝජකයෙකු යටතේ රැකියා කිරීමට නොහැකි යනුවෙන් වීසා කොන්දේසියක්ද පවතිනවා.

මෙම වීසා කොන්දේසිය මත ඇතැම් සේවා යෝජකයින් තමන් අනුග්‍රහය දක්වන විදෙස් ශ්‍රමිකයින්ගේ ශ්‍රමය බරපතල ලෙස සූරා කන බවටයි චෝදනා සහ පැමිණිලි ලැබී ඇත්තේ.

SOURCE – SBS

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »