
ගතවූ මාස 12 තුළදී ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල්වල ආහාර මිළ ගණන් සියයට 10 කට ආසන්න අගයකින් ඉහළගොස් ඇති බව අනාවරණය වනවා.
ගිය වසර පුරා කෝල්ස් සහ වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ලද ආහාර ද්‍රව්‍ය 60,000 ක පමණ මිළ ගණන් සසඳා බැලීමෙනුයි මෙම දත්ත නිකුත් කර ඇත්තේ.
අප්‍රේල් මාසයේදී වූල්ස්වර්ත් හි ආහාර මිළ ගණන් සියයට 8.7 කින් අඩුවී ඇතත් කෝල්ස් හි මිළ ගණන් සියයට 10.5 කින් පමණ ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ගතවූ වසර සළකා බැලීමේදී වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල් ජාලය අභිබවා කෝල්ස් හි ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ අගයක පැවති බවයි මෙහිදී හෙළිකර ගෙන ඇත්තේ.
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල සිදුකෙරෙන අලෙවි කිරීම් සළකා බැලීමේදී සියයට 70 ක පමණ කොටසක් අයත් වන්නේ කෝල්ස් සහ වූල්ස්වර්ත් සුපිරි වෙළඳසැල් ජාල 02 ටයි.
