වික්ටෝරියාවේ වැඩ කරන දින ගණන 04 ක් කරන්නැයි ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් රාජ්‍ය සේවකයන් සඳහා වැඩ කරන සතිය දින 04 ක් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එමගින් සේවකයන් අතර ඵලදායිතාවය ඉහළ යනු ඇති බවයි වෘත්තීය සමිති කිහිපයක් පෙන්වා දී ඇත්තේ.

පළමුවෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කලයුතුව ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙන්ම ලිබරල් පක්ෂයද මෙම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එමගින් වික්ටෝරියාවේ මහජන සේවා පවත්වාගෙන යාම අඩාල වන බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »