Search

අමෙරිකා ජනපතිගේ ඔස්ට්‍රේලියා සංචාරය අවලංගුයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගේ ඔස්ට්‍රේලියා සංචාරය අවලංගු කර තිබෙනවා.

අමෙරිකාව දැනට මුහුණදී සිටින ණය අර්බුදය ඊට හේතුව බවටයි හඳුනාගෙන ඇත්තේ.

ලබන ජූනි 01 වනදා වනවිට ණය අර්බුදය විසඳා නොගතහොත් අමෙරිකාව ආර්ථික අවපාතයක් කරා යොමුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ලබන 24 වනදා සිඩ්නි නුවරදී පැවැත්වීමට නියමිත ක්වඩ් රාජ්‍ය නායක සමුලුවට සහභාගීවීම සඳහා ඉන්දීය – ජපාන අග්‍රාමාත්‍යවරුන්ට අමතරව අමෙරිකා ජනාධිපතිවරයාද මෙරටට පැමිණීමටයි නියමිත වූයේ.

අද අලුයම අගමැති ඇන්තනී ඇල්බනීස් අමතමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සිය තීරණය දැනුම් ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කලේ.

මේ අතර ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස් ට අමෙරිකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයිද ජනාධිපති බයිඩ්න් විසින් එහිදී ආරාධනාවක් සිදුකර ඇති බව සඳහන්.

සිය ඔස්ට්‍රේලියානු සංචාරය තුළදී කැන්බරා පාර්ලිමේන්තුව ඇමතීමටද අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සූදානමින් පසුවුණා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »