Search

NSW හා VIC රෝහල් කටයුතු හා කසළ එක්රැස් කිරීමට බාධා

වැඩ වර්ජන 02 ක් හේතුවෙන් නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල දෛනික කටයුතු සඳහා ඉදිරි දිනවලදී දැඩි බලපෑම් එල්ලවන ළකුණු පළවී තිබෙනවා.

සිඩ්නි නගරයේ කොටසක සහ වික්ටෝරියා ප්‍රාන්තයේ කසළ එක් රැස් කරන්නන් හෙට දිනයේ පැය 24 ක වර්ජනයක නිරතවීමට නියමිතයි.

වැඩි වැටුප් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇත්තේ.

මේ අනුව

  • City of Sydney
  • Victorian local government areas of Greater Geelong, Surf Coast, Golden Plains, Moonee Valley and Hobsons Bay

යන ප්‍රදේශවල හෙට දිනයේදී කසළ එක් රැස් කිරීමක් සිදුවන්නේ නැහැ.

මේ හා සමාන වෘත්තීය ක්‍රියාමාර්ග ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – බටහිර ඔස්ටේ්‍රලියා සහ යන ප්‍රාන්තවලද පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය වෘත්තීන් කිහිපයක සේවකයන්ද ලබන බ්‍රහස්පතින්දා දිනයේදී වැඩවර්ජනයක නිරතවීමට නියමිතයි.

සෞඛ්‍ය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් 400,000 කට පමණ වැටුප් වැඩිවීමක් දෙන බවට පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය දුන් පොරොන්දුව මේ දක්වා ඉටු නොවීම ඊට හේතුවයි.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »