දෙසැම්බරයේ සිට අලුත් වෙන Myki වෙනස්කම් මෙන්න

පොදු ප්‍රවාහන ගාස්තු ජංගම දුරකථනය – හෝ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හරහා ගෙවීමේ අවස්ථාව වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නුදුරේදීම උදාවනවා.

ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය බෙන් කැරොල් සඳහන් කලේ බස් – දුම්රිය මෙන්ම ට්‍රෑම් යන සේවා සියල්ලට අදාළව ඉතාම නුදුරේදී එම අවස්ථාව පිරිනමන බවයි.

ඉදිරි වසර 15 සඳහා වික්ටෝරියා ප්‍රවාහන සේවා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව අමෙරිකානු සමාගමකට පිරිනමා තිබෙනවා.

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ සිට Myki කාඩ්පත් ක්‍රමය පුලුල් වෙනසකට ලක්වී නව ප්‍රවේශපත්‍ර ක්‍රමය බලාත්මක වීම ආරම්භවීමට නියමිතයි.

කෙසේවෙතත් Myki කාඩ්පත අඛණ්ඩව භාවිත කිරීමට වික්ටෝරියානුවන්ට අවස්ථාව පවතිනවා.

මෙහි අත්හදා බැලීම් ලබන වසරේ සිට ආරම්භ කිරීමටත් 2025 වසරේ සිට පූර්ණව ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර තිබෙනවා.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »