ඔස්ට්‍රේලියාවේ විදුලි සංදේශ නීතිවල වෙනසක්

මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ දත්ත, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග හුවමාරු කරගැනීමට දුරකථන සමාගම් ඇතුලු විදුලි සංදේශ ආයතන සඳහා අවස්ථාව උදාවනවා.

කිසියම් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ඇතුලු අනෙකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමට ඒ හරහා අමතර ප්‍රතිපාදන ලැබෙනු ඇති.

කිසියම් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයන්හි විමර්ශන අංශ වෙත තොරතුරු ලබාදීමටත් නව රෙගුලාසි හරහා විදුලි සංදේශ සමාගම් වෙත අවස්ථාව හිමිවන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියේ.

තවදුරටත් අවශ්‍ය නොවන පුද්ගලික දත්ත ගබඩා කර ගැනීමකින් තොරව විනාශ කිරීම තවත් යෝජනාවක්.

ඉදිරි මාස 12 සඳහා මෙම නව රෙගුලාසි බලාත්මක වන අතර තවත් දීර්ඝ කරන්නේද යන්න අනතුරුව විමසා බැලීමට නියමිතව තිබෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »