වසර 02 ක් ඇතුළතදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ පහළ වැටෙනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.
ඒ අනුව 1980 දශකයෙන් පසු නිවාස මිළ ගණන් වැඩිම අගයකින් පහළයාම ඉදිරියේදී අපේක්ෂා කල හැකි බවටයි අනාවැකි පළවන්නේ.
ලබන මාසය පමණ වනවිට රට පුරා නිවාස මිළ ගණන් සියයට 11 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.
විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බන් නගරවල නිවාස මිළ ගණන් මාසිකව සියයට 1.5 කින් පමණ පහළ යනු ඇති බවටද ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.
වර්තමානයේ නිවාස මිළ ගණන් සමග සැසඳීමේදී 2024 වසර වනවිට නිවාස මිළෙහි අඩුවීම සියයට 20 ක් පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.