ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයක් කරා යන රහසිගත වාර්තාවක් එළියට

ලබන වසර වනවිට ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයක් කරා ගමන් කිරීමේ සම්භාවිතාවය සියයට 80 ක් වැනි ඉහළ අගයක පවතින බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

ඔවුන් විසින් සකස් කර ඇති රහසිගත වාර්තාවක දැක්වෙන්නේ උද්ධමනය – විරැකියා අනුපාතය වැනි සළකා බැලීමේදී එම පුරෝකථනය සිදුකල හැකි බවයි.

කෙසේවෙතත් මෙම වාර්තාව සකස් කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර බැවින් වත්මන් ආර්ථික තත්වය සමග සමපාත නොවන බවටද ආර්ථික විද්වතුන් පිරිසක් අදහස් දක්වා තිබෙනවා.

මෙම වාර්තාවට අනුව පසුගිය පෙබරවාරි මාසය වනවිට cash rate අගය සියයට 4.8 ක් වැනි ඉහළ මට්ටමකට ළගාවනු ඇති බවටයි අනාවැකි පළකර තිබුණේ.

එහෙත් පසුගිය මාර්තු මාසයේදී අගය වෙනස් නොකිරීමේ තීරණයත් සමග දැනට එය පවතින්නේ සියයට 3.85 ක් ලෙසයි.

අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ට අලුත් නීතියක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය අද සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »