අයවැයෙන් බියර් බදු අඩු කරන්නැයි ඉල්ලීමක්

ලබන අගහරුවාදාට යෙදී ඇති අයවැයෙන් බීර සඳහා පණවා ඇති බදු අඩු කරන්නැයි ඔස්ට්‍රේලියා මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

බදු තවත් ඉහළ දැමුවහොත් සුලු පරිමාණ බීර නිෂ්පාදන ආයතනවලට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදීත් බීර සඳහා වන බදු සියයට 3.7 කින් ඉහළ දැමීමට ෆෙඩරල් රජය පියවර ගත් අතර ලබන සතියේ අයවැයෙන්ද නැවතත් බදු වැඩි කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මේ අතර ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසන්නේ අයවැයෙන් සහන ලබාදිය හැකි වනුයේ ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් මුහුණදෙන ජීවන වියදම ඉහළයාමේ ගැටලුවලට පමණක් බවයි.

ආහාර – ඖෂධ සහ බලශක්ති ගාස්තු කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු අවධාරණය කර සිටිනවා.

ඉදිරි වසර 04 සඳහා රජය විසින් ඩොලර් බිලියන 112 ක ණයක් පියවීමට නියමිත බැවින් බදු ආදායම ඊට උපකාරයක් වන බවයි ජිම් චාමර්ස් පෙන්වා දෙන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »