
මෙඩිබෑන්ක් දත්ත වංචාවට හසුවී සෞඛ්‍ය තොරතුරු අවභාවිතයට ලක්වූ ගණුදෙනුකරුවන් වෙනුවෙන් තවත් නඩුවක් පවරා තිබෙනවා.
අදාළ සියලු තැනැත්තන්ට නිසි වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලමිනුයි පුද්ගලින නීති සමාගමක් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ පවරා ඇති මෙම නඩුවේ දැක්වෙන්නේ.
මේ අනුව මෙඩිබෑන්ක් දත්ත වංචාවට අදාළව මෙතෙක් පවරා ඇති සමස්ත නඩු සංඛ්‍යාව 04 ක් දක්වා ඉහළ යනු ඇති.

සිය සේවාදායකයන්ගේ සෞඛ්‍යයට අදාළ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට මෙඩිබෑන්ක් සමාගම අපොහොසත්වීම හරහා ඔවුන්ගේ පුද්ගලිකත්වයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි මෙම නඩුවේ දක්වා ඇත්තේ.
රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් සිදුකල මෙම දත්ත පැහැර ගැනීමේදී මෙඩිබෑන්ක් ගණුදෙනුකරුවන් මිලියන 09 කගේ පමණ දත්ත පැහැරගෙන තිබුණා.
