
මෙල්බන් නාගරික කලාපයේ ඉරිදා දිනවල නොමිළයේ රථවාහන ගාල් කර තැබීමට ලබාදී තිබූ අවසරය ඉවත් කිරීමට සැළසුම් කර තිබෙනවා.
මෙල්බන් නාගරික කවුන්සිලය විසින් හඳුන්වාදීමට යෝජිත නව නගර සැළැස්මට එයද ඇතුළත්.
එමෙන්ම දැනට රාත්‍රී 08.30 දක්වා පමණක් ක්‍රියාත්මක පාර්කින් මීටර් රාත්‍රී 10 දක්වා දීර්ඝ කිරීමටද නියමිතයි.

ලබන ජූනි මාසයේ සිට මෙය බලාත්මක කෙරෙන බවයි මෙල්බන් නාගරික කවුන්සිලය නිවේදනය කර සිටින්නේ.
වාහනයක් නතරකර තැබිය හැකි උපරිම කාලය පැය 02 කට සීමා කිරීම සහ භාණ්ඩ ගොඩබෑමේ නව රෙගුලාසිද මීට අන්තර්ගතයි.

කෙසේවෙතත් සති අන්තයේදී මෙල්බන් CBD වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මෙමගින් පසුබෑමකට ලක්විය හැකි බවට ව්‍යාපාරික ප්‍රජාව අනතුරු අගවනවා.
නව වැඩපිළිවෙල හරහා මෙල්බන් නාගරික කවුන්සිලය උපයා ගැනීමට අපේක්ෂා කරන අමතර ආදායම ඩොලර් මිලියන 2.7 ක්.