Search

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය ණය ලාභීන්ගෙන් අඩක් ණය ආපසු ගෙවීම පිළිබඳ අර්බුදයක

ශිෂ්‍ය ණය පොළිය ඉහළ දැමීමත් සමග ශිෂ්‍ය ණය ලාභීන්ගෙන් අඩක් පමණ ණය ආපසු ගෙවීම පිළිබඳ අර්බුදයකට පත්ව ඇතැයි සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Finder ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මුලු ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීමට නොහැකිවනු ඇතැයි සියයට 14 ක් දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි.

සමස්ත රටම සැළකීමේදී 420,000 කට ආසන්න පිරිසක් එම ස්ථාවරයෙහි පසුවන බව සඳහන්.

තමන් ලබාගත් ණය මුලුමනින්ම ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවට අදහස් පළකර ඇත්තේ සියයට 15 කට ආසන්න පිරිසක් පමණයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාල වාර්තා අනුව ඩොලර් 5,000 ත් 40,000 ත් අතර ණය ගෙන ඇති ශිෂ්‍ය ණයලාභින්ගේ ප්‍රතිශතය සියයට 11 ක්.

සියයට 03 කට ආසන්න පිරිසක් ඩොලර් 40,000 ත් ඩොලර් ලක්ෂයත් අතර ණය ගෙන ඇති බව සඳහන්.

වාර්ෂික පොළී සංශෝධන අනුව දැනට සියයට 3.9 ක් ලෙස පවතින ශිෂ්‍ය ණය පොළිය ලබන ජූනි මාසයේ සිට සියයට 7.1 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »