Search

වසර 20 කට පසු ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ පූර්ණ වෙනසකට – වියදම $ බිලියන 19 ක්

වසර 20 කට පසු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පූර්ණ වෙනසකට ලක් කිරීමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ආරක්ෂක අංශ උපාය මාර්ග සම්බන්ධයෙන් සිදුකල යුතු සංශෝධන සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් ලබාදුන් වාර්තාවක අඩංගු නිර්දේශ අනුවයි මෙම පියවර ගනු ලබන්නේ.

මෙම සියලු වෙනස්කම් සඳහා ඩොලර් බිලියන 19 කට ආසන්න මුදලක් වැයවනු ඇති බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

දිගු දුර මිසයිල – නවීන යාත්‍රා වැනි ඉහළ තාක්ෂණයෙන් යුත් උපකරණ මිළදී ගැනීම / ආරක්ෂක අංශ සඳහා නවීන උපාය මාර්ග හඳුන්වාදීම වැනි නිර්දේශ ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

න්‍යෂ්ඨිත බලය යොදාගැනීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී ඔස්ට්‍රේලියාව විසින් අවධානය යොමුකරනු ඇති.

ලැව් ගිනි – හදිසි ආපදා වැනි තත්වයන් හිදී ආරක්ෂක අංශ සාමාජිකයන් හැකිතාක් අනුයුක්ත කිරීම අවම කිරීමටද මේ යටතේ යෝජනා වී තිබෙනවා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »