රැකියා 02 ක් කරන ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 09 පනී

පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 900,000 ක් පමණ එක් රැකියාවකට වඩා කර ඇතැයි හෙළිවී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදම හමුවේ විශේෂයෙන් බිල්පත් පියවා ගැනීම සඳහා රැකියා කිහිපයක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය පෙන්වා දෙන්නේ.

මේ අනුව වැඩකරන ජනගහනයෙන් 6.5% ක් ජූනි කාර්තුවේදී බහු රැකියාවල නියුක්තව සිටි බව තහවුරු වී තිබෙනවා.

අඛණ්ඩව ඉහළ යන පොළී අනුපාත හමුවේ නිවාස ණය සහ උකස් ගෙවීමට අමතර මුදල් සොයා ගැනීමද මෙලෙස රැකියා කිහිපයක නිරතවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

උද්ධමනය අඛණ්ඩව ඉහළ යනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකර තිබුණේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »