Search

පාස්කු නිවාඩුවට විනෝද චාරිකා යන ඔස්ට්‍රේලියානුවන්ට මදුරු අනතුරු ඇගවීමක්

පාස්කු නිවාඩුවට විනෝද චාරිකා සඳහා පිටත්ව යන ඔස්ට්‍රේලියානුවන්ට මදුරුවන් මගින් ව්‍යාප්ත වන රෝග පිළිබඳ විමසිලිමත් වන ලෙස අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ජැපනීස් එන්සෙපලයිටීස් සහ මරේ වැලි එන්සෙපලයිටීස් රෝග ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකම එම රෝග ආසාධිතයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර මරේ ගංගාව අසළ විනෝද චාරිකාවල යෙදීමට අපේක්ෂා කරන ජනතාවටද අවධානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගංගාව ආශ්‍රිත ප්‍රදේශවල මදුරුවන් ගහණය කැපී පෙනෙන ලෙස වැඩිවී ඇති බැවින් හැකිතාක් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »