ඉදිරි පොළී අනුපාතික වෙනස්කම් ගැන බැංකු ප්‍රධානීගෙන් ඉගියක්

පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම අවසන්වී නොමැති බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පවසනවා.

එබැවින් උද්ධමනයට සමගාමීව ඉදිරියේදීත් මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සිදුවිය හැකි බවයි අද පෙරවරුවේ පැවති දේශනයකදී ඔහු සඳහන් කලේ.

අප්‍රේල් මාසයට අදාළව පොළී අනුපාතික සංශෝධනයක් සිදු නොකිරීමට ෆෙඩරල් සංචිත බැංකුව ඊයේ පියවර ගත් අතර ඒ අනුව මෙරට cash rate අගය තවදුරටත් සියයට 3.6 ක් ලෙසම පවතිනු ඇති.

2025 වසරේ මැද භාගය වනවිට ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 2-3 ත් අතර මට්ටමකට නැවත අඩුවනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

නිවාස සහ උකස් ණය වාරික අගයන් ඉතාම නුදුරේදී ඉහළම අගයට පත්ව ක්‍රමක්‍රමයෙන් අඩුවනු ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ අනාවැකි පළකලේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »