දෙවන T20 තරගයෙන් නවසීලන්තයට කඩුලූ 09 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගයෙන් නවසීලන්තයට කඩුලූ 09 ක ජයක් හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 141 ක් ලබාගත්තා.

ලකුණු 142 ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 04 ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කලා.

මේ අනුව කණ්ඩායම් 02 ම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »