ඔස්ට්‍රේලියාව තුළ මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල කවුන්ටර් ඉදිරිපිට ප්ලාස්ටික් ආවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ සිය අවන්හල්වල කවුන්ටර් ඉදිරිපිට ප්ලාස්ටික් ආවරණයක් යෙදීමට ක්ෂණික ආහාර අවන්හල් ජාලය පියවර ගෙන තිබෙනවා.

ඇඩිලේඩ් නගරයේ තෝරාගත් අවන්හල් කිහිපයකින් එය ආරම්භ කෙරෙන බවයි ඔවුන් නිවේදනය කලේ.

මෑතකාලීනව මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවු තර්ජන සහ පහරදීම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

විනිවිද පෙනෙන මෙම ආවරණ මගින් මැක්ඩොනල්ඩ්ස් සේවකයන්ට ඉහළ ආරක්ෂාවක් සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඉදිරියේදී සිය සේවක ආරක්ෂාව තහවුරු කෙරෙන තවත් පියවර රැසක් අනුගමනයට සූදානම් බවද මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සඳහන් කරනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »