
පුහුණු ශ්‍රමිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන් අතුරින් සියයට 64 ක් මෙරට පුරවැසිභාවය ගන්නා බව අනාවරණය වී තිබෙනවා.
2000 වසරේ ජනවාරි පළමුවනදා සිට 2021 වසරේ අගොස්තු 10 වනදා දක්වා කාලයට අදාළව මෙරට සංක්‍රමණය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමිනුයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය මේ බව සඳහන් කරන්නේ.
මෙම කාලය තුළ ස්ථිර පදිංචිය ලබාගෙන ඇති ලක්ෂ 30 කට ආසන්න පිරිසෙන් ලක්ෂ 13 ක් පමණ පළමුවෙන් මෙරටට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා වැනි තාවකාලික වීසා බලපත් මාර්ගයෙන් බවද සඳහන්.

පුහුණු ශ්‍රමිකයන් ලෙස පැමිණෙන පුද්ගලයන් නිරතවන රැකියා අනුව වැඩිම පිරිසක් නිරත වනුයේ ව්‍යාපාර – මානව සම්පත් හා අලෙවිකරණ ක්ෂේත්‍රයේයි.
කළමණාකරුවන් දෙවන ස්ථානයටත් – සෞඛ්‍ය වෘත්තිකයන් 03 වන ස්ථානයටත් – රැකවරණ ක්ෂේත්‍රය 04 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

තොරතුරු තාක්ෂණ අංශය 05 වන ස්ථානයේත් – ඉංජිනේරු ශිල්පීන් 06 වන ස්ථානයේත් – අලෙවි සහයකයන් 07 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.
සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව ආගන්තුක සත්කාර – අධ්‍යාපන සහ ලිපිකරු යන ක්ෂේත්‍ර පිළිවෙලින් 08 – 09 සහ 10 යන ස්ථානවලයි පසුවන්නේ.
පළමු තාවකාලික වීසා බලපත්‍රයේ සිට ස්ථිර වීසා බලපත්‍රයක් ගැනීම සඳහා ගතවන කාල වකවානු පිළිබඳ විස්තරද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව වැඩි පිරිසකට වසර 05 ත් 10 ත් අතර කාලයකදී මෙරට ස්ථිර පදිංචිය ගැනීමට හැකි වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.