වසර 20 කදී ලාංකිකයන් 68,000 ක් ඔස්ට්‍රේලියාවට – 71% ක් Citizenship ගනී

2000 වසරේ සිට 2021 වසර දක්වා ස්ථිර පදිංචිකරුවන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 67,700 ක් බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

එයින් 48,300 ක් පැමිණ ඇත්තේ පුහුණු ශ්‍රමිකයන් ලෙස වන අතර එයින් සියයට 71 ක් මේ වනවිට මෙරට පුරවැසිභාවය ගෙන ඇති බවද සඳහන්.

ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ පසුව මෙරට පුරවැසිභාවය ගන්නා පුද්ගලයන් උපත ලැබූ රටවල් අතුරින් ඉහළම ප්‍රතිශතය හිමි රටවල් අතර ශ්‍රී ලංකාවට 03 වන ස්ථානය ලැබී තිබෙනවා.

එහි පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකාවටයි.

මෙම වසර 21 ක කාලයේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති ස්ථිර පදිංචිකරුවන් ගණන ලක්ෂ 30 ක් වන අතර ඉන් සියයට 59 ක් පුහුණු ශ්‍රමිකයන් වනවා.

සියයට 32 ක් පවුල් සංක්‍රමණයෙන්ද සියයට 09 ක් මානුෂීය පදනම යටතේද පැමිණ ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

එයින් සියයට 56 ක් පදිංචිවී ඇත්තේ සිඩ්නි හෝ මෙල්බන් යන නගර දෙකෙන් එකක වීමද විශේෂත්වයක්.

සංඛ්‍යාත්මකව ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති වැඩිම සංක්‍රමණිකයන් පිරිස වන 439,700 පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි.

අදාළ ලක්ෂ 30 ක් වන මුලු සංක්‍රමණිකයන් අතුරින් උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත පිරිස සටහන් වන්නේ සියයට 51 ක් ලෙසයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »