Search

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉරණම අද විසඳෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය ඕක්ලන්ඩ් වේලාවෙන් පස්වරු 02 ට හෙවත් මෙල්බන් වේලාවෙන් දහවල් 12 ට ආරම්භවීමට නියමිතයි.

මේ වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසන් අවස්ථාව ද මෙයයි.

අද ආරම්භ වන තගාවලියට තරග 03 ක් ඇතුලත් වන අතර ශ්‍රී ලංකාව මෙම තරග තුනම ජයගතහොත් ඔවුන්ට එළඹෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් උදාවනු ඇති.

මේ අතර වසර දෙකකට පමණ පසු ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී’ලංකාව සහ නවසීලන්තය අතර අද තරගය දෙරට පැවැත්වෙන සියවන එක්දින තරගය වීමද විශේෂත්වයක්.

මේ දක්වා දෙරට අතර පැවැති එක්දින තරග 99 න් තරග 49 ක් නවසීලන්තය ජය ගෙන ඇති අතර තරග 41 ක් ශ්‍රී’ලංකාව විසින් ජයගෙන තිබෙනවා.

ශ්‍රී’ලංකා පිල 2012 වර්ෂයෙන් පසු මේ දක්වා නවසීලන්තයට එරෙහිව මෙතෙක් එක්දින තරගාවලි ජයක් වාර්තා කර නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී අවසන් වරට එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ සනත් ජයසූරියගේ නායකත්වය යටතේ 2001 වසරේදීයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »