ජීවන වියදම ඉහළගොස් ඔස්ට්‍රේලියානුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

ජීවන වියදම ඉහළයාමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජනවාරි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් මෙරටදී සිදුකල මිළදී ගැනීම් ප්‍රමාණය ඩොලර් බිලියන 33.5 ක් බවයි ෆෙඩරල් සංචිත බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී සියයට 17 ක හෙවත් ඩොලර් බිලියන 4.9 ක ඉහළයාමක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැතිව සිය වියදම් කළමණාකරණය අසීරු බවට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/4 ක් පසුගියදා සිදුකල සමීක්ෂණයකදී පවසා තිබුණා.

මැයි මාසයේදී එය පැවතියේ සියයට 18 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානුවන් විසින් වැඩිම වශයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරනු ලබන්නේ ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා බවද මෙහිදී අනාවරණය වුණා.

මේ අතර ආර්ථික විශේෂඥයන් විසින් උපදෙස් දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් හරහා සිදුකරන වියදම්වල උපරිම සීමාව හැකිතාක් අඩු අගයක පවත්වාගන්නා ලෙසටයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »