ලැව්ගිනි හමුවේ වික්ටෝරියා ප්‍රදේශ කිහිපයක ජනතාවට වහා ඉවත් වන්නැයි නියෝග

ලැව්ගිනි අවධානම ඉහළ යාම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට වහා ඉවත් වන්නැයි නියෝග ලබාදී තිබෙනවා.

Kennet River, Big Hill, Eastern View, Memorial Arch and Moggs Creek ප්‍රදේශ ආශ්‍රිතව ලැව්ගිනි 02 ක් පැතිරයමින් පවතින බවයි වික්ටෝරියා හදිසි අනතුරු සේවා අංශ සඳහන් කලේ.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා පරිමාණයේ ලැව්ගිනි 20 ක් පමණ වර්ධනය වෙමින් පවතින අතර ඉන් බොහොමයක් පාලනය කර ඇති බවයි බළධාරීන් කියාසිටියේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට පැතිරයමින් පවතින ලැව් ගිනි සංඛ්‍යාව 37 ක්.

කෙසේවෙතත් කිසිදු ලැව්ගිනි අවධානම් ඉවත් වීමේ අනතුරු ඇගවීමක් මේ දක්වා නිකුත් කර නැහැ.

එහෙත් අක්කර 3408 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් නිවේදනය කලේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »