අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක් සඳහා වන ගුවන් ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඩාර්වින් සිට බාලි දක්වා වන ගුවන් ගාස්තුව ඩොලර් 135 ක් දක්වාද, සිඩ්නි සිට බාලි දක්වා ඩොලර් 209 ක් දක්වාද අඩුකර තිබීම විශේෂත්වයක්.
සිඩ්නි සිට මෙල්බන් දක්වා ගුවන් ගාස්තුව ඩොලර් 45 ක් දක්වා අඩු කර ඇති බව ජෙට් ස්ටාර් ගුවන් සේවය නිවේදනය කර සිටිනවා.
මීට අමතරව තායිලන්තය – නවසීලන්තය සහ හොනලුලූ යන ගමනාන්ත සඳහා වන ගාස්තු ද සැළකිය යුතු අගයන්ගෙන් අඩු කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
මෙම වට්ටම් දීමනා කාලය ලබන සිකුරාදා දිනයෙන් අවසන්වීමට නියමිතයි.