Search

අප්‍රේල් මාසයේදී වෙනස් නොවන පොළී අනුපාතික මැයි වලදී යළි ඉහළට ?

අප්‍රේල් මාසයේදී පොළී අනුපාතික අගයන් වෙනස් නොවුණද නැවතත් මැයි මාසයේදි cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව විසින් කටයුතු කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

විරැකියා අනුපාතය පහළ ගියද ගෝලීය ආර්ථික තත්වයන් සතුටුදායක තත්වයක නොපැවතීම ඊට හේතුවයි.

ඒ අනුව දැනට සියයට 3.6 ක් ලෙස පවතින cash rateඅගය ලබන මැයි මාසය දක්වා පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් මැයි මුල් සතියේදී රැස්වන ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය විසින් එය නැවතත් සියයට 0.25 කින් පමණ ඉහළ දමනු ඇති බවත් ඒ අනුව cash rate අගය සියයට 3.85 දක්වා ඉහළ යනු ඇති බවටත් පුරෝකථනය කර තිබෙනවා.

දැනට පවතින ආර්ථික තත්වයේ වෙනසක් නොපැවතියහොත් ලබන දෙසැම්බර් මාසය දක්වාම cash rate අගය සියයට 3.85 ක් ලෙසම පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »