ලොව වැඩිම වේලාවක් රළ මත ලිස්සා යාමේ (surfing) ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු ජාතික රළ මත ලිස්සා යාමේ ශූරයෙකු වන 40 හැවිරිදි බ්ලේක් ජොන්ස්ටන් සමත්වී තිබෙනවා.
මෙතෙක් පැවති පැය 30 යි විනාඩි 11 ක ලෝක වාර්තාව ඔහු විසින් සිඩ්නි වෙරළ තීරයකදී අද පෙරවරුවේ බිඳ හෙලූ අතර තවත් පැය 10 ක කාලයක් අඛණ්ඩව රළ මත ලිස්සා යාමටයි ඔහු සූදානමින් පසුවන්නේ.
ඒ අනුව පැය 40 කාලයක් රළ මත ලිස්සා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමටද බ්ලේක් ජොන්ස්ටන් අපේක්ෂා කර සිටිනවා.
තරුණ මානසික සෞඛ්‍යය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක් වෙත ආධාර ලබාදීමේ අරමුණ ඇතිවයි ඔහු මෙම ක්‍රියාවේ නිරත වන්නේ.
දැනටමත් බ්ලේක් ජොන්ස්ටන් විසින් ඩොලර් ලක්ෂ 02 කට වැඩි මුදලක් එම සංවිධානයට පිරි නමා අවසන්.