ඕස්ට්‍රේලියාවේ දැනට පවතින ප්‍රාන්ත දේශ සීමාවන් පිළිබඳ නවතම තොරතුරු

ඕස්ට්‍රේලියාවේ දැනට පවතින ප්‍රාන්ත දේශ සීමාවන් පිළිබඳ නවතම තොරතුරු

The latest information on Australia’s current state border restrictions.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා නීති දිනෙන් දින වෙනස් වෙමින් පවතී. ප්‍රාන්ත අතර දේශ සීමාවන් පිළිබඳව දැනගැනීම ඉතා වැදගත් වනු ඇත​. දැනට පවතින ප්‍රාන්ත දේශ සීමාවන් පිළිබඳ නවතම තොරතුරු මෙහි දැක්වේ.

ඔබ ප්‍රාන්ත අතර සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රාන්ත රජයේ වෙබ් අඩවිය සැමවිටම පරීක්ෂා කිරීමට මතක තබා ගන්න.

ටස්මේනියාව

 ක්වීන්ස්ලන්තය, ඕස්ට්‍රේලියානු අගනුවර (ACT), දකුණු ඕස්ට්‍රේලියාව, බටහිර ඕස්ට්‍රේලියාව සහ උතුරු දේශසීමාව වැනි අඩු අවදානම් සහිත ප්‍රාන්තවලට නිරෝධායනයකින් තොරව ටස්මේනියා දූපතට ඇතුළුවීමට අවසර ඇත.

නවසීලන්ත වැසියන්ට ද ටස්මේනියාවට නිදහසේ ඇතුළු විය හැකිය.

ක්වීන්ස්ලන්තය

වික්ටෝරියා හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් හැර අනෙකුත් ඕනෑම​ කෙනෙකුට මෙම ප්‍රාන්තයට ඇතුළු විය හැකිය.

උතුරු ඕස්ට්‍රේලියාව​

වික්ටෝරියා හි හැර සෙසු සියල්ලන්ටම මෙම ප්‍රදේශය විවෘතය.

දකුණු ඕස්ට්‍රේලියාව

වික්ටෝරියා හැර අනෙකුත් සියලුම ප්‍රාන්තවල පදිංචිකරුවන්ට නිරෝධායනයකින් තොරව දකුණු ඕස්ට්‍රේලියාවට ඇතුල් විය හැක​.

දකුණු ඕස්ට්‍රේලියා සහ වික්ටෝරියානු දේශ සීමාවේ දෙපස කිලෝමීටර් 70 ක දේශසීමා කලාපයේ වෙසෙන​ මිනිසුන්ට එම ප්‍රාන්ත දෙක අතර නිදහසේ ගමන් කළ හැකිය.

නවසීලන්ත වැසියන්ට නිරෝධායනයකින් තොරව දකුණු ඕස්ට්‍රේලියාවට ඇතුළු විය හැකිය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 

වික්ටෝරියානුවන්ට තවමත් NSW වලට ඇතුළුවීම තහනම් කර ඇත. කෙසේ වෙතත්, ඔබට අවසර පත්‍රයක් ඇත්නම් වික්ටෝරියා ප්‍රාන්තය හරහා NSW දක්වා සංචාරය කල හැකිය​. (පහත සඳහන් ගමන් පථ ඔස්සේ)

  • දකුණු ඕස්ට්‍රේලියාවේ සිට Sturt අධිවේගී මාර්ගය හරහා ධාවනය කිරීම
  • ටස්මේනියාවේ සිට මෝටර් රථයකින්, දුම්රිය හෝ ගුවන් මගින් සංක්‍රමණය වීම
  • වික්ටෝරියානු ගුවන්තොටුපළෙන් පිට නොවී වික්ටෝරියානු ගුවන් තොටුපළ හරහා පමණක් සංක්‍රමණය වීම

බටහිර ඕස්ට්‍රේලියාව

අත්‍යවශ්‍ය සේවයේ නිරත වන්නෙකු නොවේ නම් ඔබට WA වෙත ඇතුළු විය නොහැක.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි (ACT)

 මෙම ප්‍රාන්තය​ සෑම කෙනෙකුටම විවෘතයි. ඔවුන් ආසාදන ප්‍රොටෝකෝලය අනුගමනය කරන තාක් කල් සහ අසනීප නම් පරීක්ෂා කරන්නේ නම් ගැටළුවක් නොමැත​. 

වික්ටෝරියා ප්‍රාන්තය 

වික්ටෝරියා හි දේශසීමා වසා නොමැත, නමුත් ඔබ ඇතුළු වන්නේ නම් අනුගමනය කළ යුතු දැඩි නීති රජය විසින් පනවා ඇත.

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »