ටස්මේනියා ඔසුසැල් සඳහා ඖෂධ නිකුත් කිරීමේ රෙගුලාසි ලිහිල් කරයි

ලබන සඳුදා සිට ටස්මේනියා ප්‍රාන්තයේ ඔසුසැල් සඳහා ඖෂධ නිකුත් කිරීමේ රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් අයෙකුට වෛද්‍ය නිර්දේශ ලබාගැනීමේ ගැටලුවක් ඇත්නම් ඔවුන් භාවිත කල ඖෂධ තවත් මාසයක කාලයක් සඳහා නිකුත් කිරීමට ෆාමසි වෙත අවසර හිමිවනවා.

වසරකට එක් අවස්ථාවකදී පමණක් මෙලෙස ඖෂධ මිළදී ගත හැකි අතර වලංගු ඖෂධ තුණ්ඩුවක් සහ වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිවු බව දැක්වෙන ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් එහිදී ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාවද මෙයයි.

මේ හරහා රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවල තදබදය අවම වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

 

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »