Night Shift කරන සේවකයන්ට භයානක අනතුරු ඇගවීමක්

රාත්‍රී සේවා මුරවල නිරත සේවකයන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවධානම ඉතා ඉහළ බව නවතම අධ්‍යයනයකදී හෙළිවි තිබෙනවා.

ඔවුන්ට පිළිකා – දියවැඩියාව සහ හෘද රෝග වැළඳීමේ අවධානම වැඩි අගයක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

නිසි පරිදි නින්ද නොලැබීම සහ අයහපත් ජීවන රටා ඊට ප්‍රධාන සාධක බව සඳහන්.

මේ වනවිට ලොව පුරා සේවකයන්ගෙන් සියයට 25 ත් 30 ත් අතර පිරිසක් අවම වශයෙන් සතියකට එක් දිනයක් හෝ රාත්‍රී සේවා මුරයක නිරතවන බවයි තහවුරු කරගෙන ඇත්තේ.

ආරක්ෂක අංශ සාමාජිකයන් – ඉදි කිරීම් හා නඩත්තු සේවා – පිරිසිදුකිරීම් ඇතුලු සේවා ඉන් ප්‍රමුඛ වනවා.

දීර්ඝකාලීනව රාත්‍රී සේවා මුරවල නිරතවීම වයස්ගතවීමේදී තවත් රෝග ඇතිකරවීමට හේතුවන බවටයි තවදුරටත් හඳුනාගෙන ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »