Search

ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී පාර්ලිමේන්තු කමිටුවක් හමුවට

ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ මෙම සතියේදී පාර්ලිමේන්තු කමිටුවක් හමුවට කැඳවා තිබෙනවා.

අඛණ්ඩව අවස්ථා 09 කදී පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට තීරණය කිරීම හා ඉදිරියේදී නැවතත් පොළී අනුපාතිත අගයක් ඉහළ දැමීමෙ සූදානම පිළිබඳ එහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිතයි.

2024 දක්වා සියයට 0.1 ක් වැනි අඩු අගයක cash rate අගය පවතිනු ඇතැයි 2021 වසරේදී ඔහු විසින් ප්‍රකාශ කලද පසුව එය අසත්‍යයක් බවට පත්වුණා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ cash rate අගය පවතින්නේ සියයට 3.35 ක් ලෙසයි.

වසර 07 ක සිය සේවා කාලය අවසානයේ ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ ලබන සැප්තැම්බරයේදී විශ්‍රාම යාමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

අගය ඉහළ නොයනු ඇති බවට තමන් මීට ඉහතදී පළකල අනාවැකිය සම්බන්ධයෙන් ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ මාස කිහිපයකට පෙර සමාවද අයදිනු ලැබුවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »