ජනවාරියේදී කිසිදු ලාංකිකයෙකුට ඔස්ටේ්‍රලියා Protection වීසා නෑ

ජනවාරි මාසයට අදාළව සරණාගත වීසා සහ තාවකාලික ආරක්ෂණ වීසා ඉල්ලුම්පත් පිළිබඳ තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනවාරි පළමුවනදා සිට 31 වනදා දක්වා කාලය තුළ ලැබී ඇති Protection වීසා ඉල්ලුම්පත් සංඛ්‍යාව 692 ක්.

ඒ අතර ලාංකිකයන් විසින් ඉදිරිපත් කර ඇති Protection වීසා ඉල්ලුම්පත් 10 ක් ද වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලා.

ජනවාරි මාසය තුළදී පුද්ගලයන් 1002 දෙනෙකුට සරණාගත වීසා හෝ Protection වීසා නිකුත් කර ඇති අතර කිසිදු ලාංකිකයෙකු ඒ අතර වන්නේ නැහැ.

මෙම දින 31 තුළදී Protection වීසා ඉල්ලුම්පත් 698 ක් ප්‍රතික්ෂේප කර ඇති අතර ලාංකිකයන් විසින් ගොණු කර තිබූ අයදුම්පත් 13 ක් ඊට අයත්.

https://www.homeaffairs.gov.au/research-and-stats/files/monthly-update-onshore-protection-866-visa-processing-january-2022.pdf

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »