Search

බෝට්ටුවලින් ආ 19,000 කට PR දෙන්න යයි

සරණාගතභාවය පතා ඔස්ටේ්‍රලියාවට පැමිණ වසර ගණනක් පුරා අවිනිශ්චිත තත්වයක සිටින දහස් සංඛ්‍යාත පිරිසකට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සළසා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු රටවලින් බෝට්ටු ඇතුලු විවිධ නීති විරෝධී ක්‍රම මගින් පැමිණි අනවසර සංක්‍රමණිකයන් ඇතුලු 19,000 කට පමණ මේ සඳහා අයදුම්කල හැකි වනු ඇති.

කෙසේවෙතත් 2013 වසරේ සැප්තැම්බර් 18 වනදාට පෙර කාලය තුළ පැමිණ දැනටමත් ඔස්ටේ්‍රලියා ප්‍රධාන භූමියේ හෝ පිටත රැඳවුම් කඳවුරක සිටින පුද්ගලයන්ට පමණක් මේ සඳහා ඉල්ලුම් කල හැකි බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ.

තාවකාලික රැකවරණ වීසා අහෝසි කරන බවට පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලේබර් පක්ෂය ලබාදුන් පොරොන්දුවක් අනුවයි මෙය ක්‍රියාවට නැංවෙන්නේ.

මෙම තීරණයත් සමග ඉදිරි දිනවල අනවසර සංක්‍රමණික බෝට්ටු පැමිණිම්වල කැපී පෙනෙන ඉහළයාමක් සිදුවිය හැකි බවටත් ෆෙඩරල් රජය විසින් ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියා රජයන්ට දන්වා තිබෙනවා.

SOURCE :

https://www.9news.com.au/national/thousands-of-refugees-granted-permanent-residency-by-federal-government/e9bc4520-bd66-4c9a-abc0-795a945ebc90