ඉදිරියේදී ඔස්ටේ්‍රලියානුවන්ට තවත් විදුලි බිල් ගාස්තු සහනයක්

රජය විසින් පණවා ඇති උපරිම මිළ හමුවේ ඉදිරියේදී ඔස්ටේ්‍රලියානුවන්ට තවත් විදුලි බිල් ගාස්තු සහනයක් හිමිවනු ඇති බවට අනාවැකි පළවනවා.

පසුගිය නොවැම්බර් මාසය හා සැසඳීමේදී මෙම මාසයේදී එක් එක් ප්‍රාන්තවල විදුලි බිල් ගාස්තු සියයට 28 ත් 46 ත් අතර අගයන්ගෙන් අඩුවී ඇති බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.

වැඩිම ගාස්තු අඩුවීම සටහන් වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වන අතර එය සියයට 46 කට ආසන්නයි.

අඩුවෙන්ම විදුලි බිල් ගාස්තු පහළගොස් ඇත්තේ දකුණු ඔස්ටේ්‍රලියාවේ වන අතර එම ප්‍රතිශතය සියයට 28 ක් පමණ වනවා.

මෙම වසර අවසානය වනවිට ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් ගාස්තු අපේක්ෂිත අගයන්ට වඩා තවත් පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »