CCTV ඉවත් කිරීමේ තීරණයට චීනයෙන් ඔස්ටේ්‍රලියාවට දොස්

රජයේ කාර්යාලවල ස්ථාපිත කර ඇති චීන නිෂ්පාදිත සී සී ටී වී කැමරා ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය ගත් තීරණයට චීනය දැඩි විරෝධය පළකර තිබෙනවා.

ජාතික ආරක්ෂාව ලෙසින් චීන සමාගම් මර්දනයට ඔස්ටේ්‍රලියාව උත්සාහ දරන බවටයි චීන විදේශ අමාත්‍යංශය චෝදනා කරන්නේ.

සංවේදී තොරතුරු චීනය අතට පත්වීම වළක්වාලීමේ අරමුණ ඇතිව ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල  ස්ථාපිත කර ඇති සී සී ටී වී කැමරා 1000 ක් පමණ ගලවා ඉවත් කිරීමට ෆෙඩරල් රජය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කලා.

ඒවායෙහි කිසිදු ගැටලුවක් නොමැති නම් ආරක්ෂක විශ්ලේෂණයකින් පසු නැවතත් සවි කරන බවටයි ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් සහතික වූයේ.

ඔස්ටේ්‍රලියා නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් එලෙස සවි කර ඇති කැමරා සංඛ්‍යාව 195 ක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »