Search

කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි

කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.

කැනඩා ඉහළ අහසේ හඳුනා නොගත් වස්තුවක් පවතින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වෙත ආරක්ෂක බලධාරීන් විසින් දැනුවත් කර තිබුණා.

ඒ අනුව ඔහුගේ නියෝගයකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමග සංවාදයකට එක්වීමෙන් අනතුරුව එම වස්තුවට වෙඩි තබන ලෙසට උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලකායට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම බලකායේ ප්‍රහාරක ජෙට් යානාවක් මෙම හඳුනා නොගත් වස්තුවට වෙඩි තබා බිම හෙළා ඇති බව සඳහන්.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »