මෙල්බන් බටහිර වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

මෙල්බන් බටහිර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම 03 ට පමණ වින්ඩම් වේල් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි හදිසි සේවා අංශ සඳහන් කලේ.

බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

මෙහිදී තුවාල ලැබූ තවත් අයෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.