16 හැවිරිදි දරුවන්ට ඡන්ද අයිතිය දීමේ සැලසුමක් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට

16 හැවිරිදි දරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමේ සැලසුමක් ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

හරිත පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්මත වුවහොත් එළඹෙන ෆෙඩරල් මැතිවරණවලට සහභාගී වීමට අවුරුදු 16 ඉක්මවු ඕනැම අයෙකුට ඉඩ සැලසෙනු ඇති.

දැනට වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඔස්ටේ්‍රලියානුවන් ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා.

වර්තමාන ඡන්දෙ දීමේ ක්‍රියාවලියට අනුව වයස අවුරුදු 18 ට වැඩි අය ඡන්දය දීමෙන් වැලකී සිටියොත් ඔවුන් දඩ මුදලකට යටත් වනවා.

නමුත් නව යෝජනාවට අනුව අවුරුදු 18ට අඩු පුද්ගලයින් එම දඩ මුදලින් නිදහස් කිරීමට ද හරිත පක්ෂය පක්ෂය ඉල්ලා සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »