සිඩ්නි Glebe Market වසර 31 කට පසු වසා දැමීමට යයි

සිඩ්නි නගරයේ ජනප්‍රිය සති අන්ත වෙළඳසැල් කලාපයක් වන ග්ලේබ් මාර්කට් කලාපය වසර 31 කට පසු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

සෑම සති අන්තයකයම 10,000 කට ආසන්න පිරිසක් එහි මිළදී ගැනීම් සඳහා පැමිණි බව සඳහන්.

ලබන 25 වනදා වෙළඳාම් කටයුතු සිදුකරන අවසාන දිනය වන බවයි සංවිධායකයන් නිවේදනය කලේ.

කෙසේවෙතත් ඊට නිශ්චිත හේතුවක් ඔවුන් විසින් ප්‍රකාශ කර තිබුණේ නැහැ.

1992 වසරේ සිට ක්‍රියාත්මක වූ ග්ලේබ් මාර්කට් කලාපය ඇඳුම් – පාවහන් ඇතුලු ද්‍රව්‍ය අඩු මුදලට මිළදී ගත හැකි ස්ථානයක් ලෛස අතිශය ජනප්‍රියව පැවතුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »