Alice Springs ඇල්කොහොල් තහණම සම්බන්ධ අවසාන තීරණය ලබන සතියේ

Alice Springs නගරයේ ඇල්කොහොල් තහණම සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම ලබන සතිය තෙක් කල්දමා තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ප්‍රධාන අමාත්‍යවරිය අතර අද දිනයේදීත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබුණා.

අගමැති ඇල්බනීස් දින කිහිපයකට පෙර හි සංචාරය කිරීමෙන් අනතුරුව පත්කල කමිටුවේ නිර්දේශ ඉදිරි සතියේදී සළකා බලා අවසන් තීරණයක් ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

මෙම වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති නමුත් Alice Springs නගරයට නැවතත් දැඩි ඇල්කොහොල් තහණමක් පණවන ලෙස එහි නිර්දේශ ලැබී ඇති බව සඳහන්.

ඇල්කොහොල් තහණම ඉවත් කිරීමත් සමග Alice Springs හි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති අතර නැවත වරක් එම රෙගුලාසි ස්ථිරවම බලාත්මක කිරීම කෙරෙහියි බළධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජනප්‍රජාව තුල ඡන්ද විමසීමක්ද පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »