
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් සිදුකල මෙහෙයුමකදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැරදිකරුවන් 164 ක් ඇතුළුව පුද්ගලයින් 648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින 04 ක් පුරා සිදුකල මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ අත් අඩංගුවට ගැනීමත් සමග මුළු චෝදනා 1,153 ක් මෙහිදී ගොනු කර තිබෙනවා.
සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ පොලිසිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ හානි සඳහා අවශ්‍යව සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ සෑම දින 10 කට වරක් එක් කාන්තාවක් හිටපු හෝ වත්මන් සහකරු අතින් මිය යන බවට ගණන් බලා තිබෙනවා.
පසුගිය බදාදා සිට ක්‍රියාත්මක වන නව ෆෙඩරල් නීතියට අනුව මිලියන හතක් වන කම්කරුවන්ට වැටුප් සහිත ගෘහ ප්‍රචණ්ඩත්ව නිවාඩු දින 10ක් දක්වා ලබා ගත හැකියි.
