දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට එරෙහිව විමර්ශනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට එරෙහිව විමර්ශනයක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට එරෙහිව විමර්ශනයක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයේ ආධාර පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ස්වාධීන දූෂණ කොමිසම පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය ජයගත් ආසනවලට වැඩි වශයෙන් ප්‍රතිපාදන බෙදා දී ඇති බවට වන චෝදනාවක් පදනම් කරගෙනයි.

ආගමික සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ලබාදෙන ආධාර මෙලෙස අවභාවිතයකට ලක්ව ඇති බවටයි ABC මාධ්‍ය ආයතනය සිදුකල ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ.

ක්‍රීඩා ප්‍රතිපාදන ලෙස එලෙස ලබාදී ඇති බවට සැළකෙන මුදල ඩොලර් මිලියන 84 ක්.

මෙම විමර්ශනයට පූර්ණ සහය සළසන බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයාද සඳහන් කර තිබෙනවා.

COMMENTS