හෙට සුපිරි වෙළඳසැල් විවෘත වේලාවන් / ප්‍රධාන නගරවල කාළගුණය මෙහෙමයි

Australia Day දිනය යෙදී ඇති හෙට දිනයේදි සුපිරි වෙළඳසැල් විවෘතව තබන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සියලුම ප්‍රාන්තවල කෝල්ස් – වූල්වර්ත්ස් – ඇල්ඩි මෙන්ම බනින්ග්ස් වෙයාර් හවුස් යන ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 04 ම අලෙවිසැල් අති බහුතරයක් හෙට දිනයේදී විවෘතව පවතිනු ඇති.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල් කිහිපයක් වසා තැබෙන අතර විවෘතව පවතින වේලාවන්ද එකිනෙකට වෙනස්විය හැකියි.

එබැවින් තමාට ආසන්නයේම පිහිටා ඇති සුපිරි වෙළඳසැල විවෘතව පවතින වේලාව තහවුරු කරගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මේ අතර හෙට දිනයේදී ප්‍රධාන නගරවල කාළගුණ තත්වය සම්බන්ධයෙන්ද අනාවැකි පළකර තිබෙනවා.

ඒ අනුව ඇඩිලේඩ් නගරයේ දිනය පුරා යහපත් කාළගුණ තත්වයකුයි අපේක්ෂා කෙරෙන්නේ.

සිඩ්නි – බ්‍රිස්බන් – හෝබාට් සහ ඩාර්වින් නගරවල පෙරවරුවේ වැසි රහිත කාළගුණයක් පැවතියද පස්වරුව වනවිට වැසි තත්වයක් බලාපොරොත්තු වන බව කාළගුණ නිවේදනයේ සඳහන්.

මෙල්බන් සහ පර්ත් නගරවල බොහෝ දුරට යහපත් කාළගුණයක් පැවතිය හැකි නමුත් දැඩි සුළං තත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »