
නොදන් ටෙරිටරි (Northern Territory) ප්‍රාන්තයේ ඇලිස් ස්ප්‍රිංග්ස් (Alice Springs) නගරයේ ප්‍රචණ්ඩ සිදුවීම් ඉහළයාමත් සමග මත්පැන් අලෙවියට නව සීමා පණවා තිබෙනවා.
ඒ අනුව සඳුදා සහ අගහරුවාදා දිනවල කිසිදු ආකාරයකින් මත්පැන් අලෙවි කල නොහැකි අතර අනෙකුත් දිනවල අලෙවිය පස්වරු 03 සිට රාත්‍රී 07 දක්වා පමණක් සීමා වනු ඇති.
එමෙන්ම එක් පුද්ගලයෙකුට දිනයක් තුළදී මත්පැන් මිළයට ගත හැකි වන්නේද එක් අවස්ථාවකදී පමණයි.

වසර 15 කට ආසන්න කාලයක් පැවති ඇල්කොහොල් සීමා ලිහිල් කිරීමත් සමග ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ ප්‍රචණ්ඩ සිදුවීම්වල ඉහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වුණා.
ඒ අනුව වහා එම ප්‍රදේශයට ගොස් ගැටලුව නිරාකරණයට පියවර ගන්නා ලෙසටයි විපක්ෂ නායක පීටර් ඩට්න් ඇතුලු පාර්ශව රැසක් අගමැති ඇන්තනී ඇල්බනීස්ගෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුවයි ඔහු ඊයේ දිනයේදී එහි ගොස් නව නියමයන් පණවනු ලැබුවේ.