ෂාරුක් ඛාන් ලොව 04 වන ධනවත්ම නලුවා වෙයි

නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ.

ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි.

ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ.

ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන් හා ජෝර්ජ් ක්ලූනි යනාදීන් අභිබවමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන, ඩොලර් බිලියනයක වත්කමකට හිමිකම් කියනු ලබන ඇමරිකානු ප්‍රහසන නළුවකු වන Jerry Seinfeld විසින් හිමි කරගෙන ඇති ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පිළිවෙලින් Tyler Perry හා Dwayne Johnson හෙවත් “The Rock” පත් ව තිබේ.

Tyler Perry ගේ වත්මක ඩොලර් මිලියන 800 ඉක්මවා ඇති අතර Dwayne Johnson ගේ වත්කම ඩොලර් මිලියන 800 ක් වේ.

මෙම ලැයිස්තුවේ මීළඟට සිටින නළුවන් සහ ඔවුන්ගේ වත්කම් පහත පරිදි වේ.

Tom Cruise: $620 million

Jackie Chan: $520 million

George Clooney: $500 million

Robert De Niro: $500 million

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »